කෙනෙක්ගේ කරදරයකදී දුකකදී අපි තරම් වද වෙන ජාතියක් තවත් සිටීද? දියුනුයි කියාගත් රටක ගිහින් පාරක වැටිලා ඉන්න මේ දේ තේරුම් ගන්න පුළුවන් වෙයි.

ඉන්දියාව එයාලටම කියල අනන්‍යතාවයක් හදාගත්තා. එත් ඇයි අපි අපිම නොවී වෙනත් සංස්කෘතීන් පසු පස යන්නේ. ප්‍රශ්නයක් නැත කාට හෝ එහෙම අවශ්‍ය නම් ඒ සදහා සුදුසු රටක් තෝරාගත හැක. කාගේවත් පවුද්ගලික මතිමතාන්තර වලට බලපෑම් කිරීමට අපට කිසිම අයිතියක් නොමැත. එහෙත් රටේ ජාතියේ අනන්‍යතාවයට බලපෑමක් සිදුවන අවස්ථාවේදී අපිට හඩක් නැගිය හැකි විය යුතුය.

අඩුපාඩු තියනවා හොරු ඉන්නවා රට විකුණන් කන අය ඉන්නවා. විය යුත්තේ ඒවා නතර කිරීමට අවශ්‍ය පියවර ගැනීමයි. නැත්නම් ඔලුවේ කැක්කුමට කෝට්ටේ මාරු කරාවගේ ප්‍රශ්න එතනමයි. දාර්ශනික කතා කියන්න ඒවා අහලා පුදුම වෙන්න අපි හැමෝම ආසයි එත් කව්ද ඒවා ක්‍රියාත්මක කරන්නේ.

ගමේ හොරකමක් උනොත් හොරාව අල්ලලා කනට ගහන්න ගමේ එක මනුස්සයෙක්ට පුළුවන්. ඔයදේම ඕනෑම තැනකට ගලපන්න පුළුවන්.

තව මනුස්සයෙක්ට පුළුවන් අපෝ හොරු ඉන්නවා කියල වෙන ගමකට යන්න. ඔව් ඒකත් ගලපන්න පුළුවන් එත් අපි ඉන්දියාව ඉස්සරහ?

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *