Results 1 to 4 of 4

Thread: දැනට ලෝකේ ක්*රියාත්මක වෙන විශිෂ්ටතම රහස් ś

  1. #1

    දැනට ලෝකේ ක්*රියාත්මක වෙන විශිෂ්ටතම රහස් ś

    1. C. I. A. (Central Intelligence Agency) ඇමරිකා එක්සත් ජනපදය

    දැන් ඕනම පොරක් රහස් ඔත්තුකාරයෙක් වෙන්න හිතන්නේ සී. අයි. ඒ එකට බැඳිලනේ. මොකද ඒ තරමටම අපිට හොලිවුඩ් *ෆිල්ම් වලින් සී. අයි. ඒ එකේ වැඩ පෙන්නලා අපිව පිස්සු වට්ටලා තියෙන්නේ. ඇත්තටම කිව්වොත් මේ තියෙන්නේ ඇමරිකාවේ ප්*රතිපත්ති වලට හානිදායක වෙන්න හරි බලපෑමක් වෙන්න හරි පුලුවන් රටවල රහස් ඔත්තු බලන විශාලතම ඒජන්සිය. මේකෙන් ඔත්තු හොයන්නේ හැබැයි වෙන රටවල රජයන්, රාජ්*ය යාන්ත්*රණ ගැන විතරක් නෙවෙයි. දැවැන්ත සමාගම්, තනි පුද්ගලයෝ වගේ ඇමරිකාවට හොඳ හෝ නරක බලපෑමක් කරන්න පුලුවන් හැම කෙනෙක්වම මේ අයගේ රේඩාර් එකට අහුවෙනවා. හැබැයි ඉතින් ඔය එක එක රටවල රජයන් එහෙම පෙරළනවා වගේ අප්සෙට් වැඩ විතරක් නෙවෙයි, තමන්ට අයිති නැති වැඩත් සී. අයි. ඒ. එකෙන් කරනවා කියලා චෝදනා එහෙමත් එල්ල වෙනවා. හැබැයි සී. අයි. ඒ. එක කොච්චර සිරා කියලා කිව්වත්, ඒ අයගේ ඇස් වහලා අල් කයිඩා එකෙන් එහෙම දියත් කරපු මිෂන් ගැනත් අමතක කරන්න බෑ.

    2. M. I. 6 (Secret Intelligence Service) එක්සත් රාජධානිය

    දැන් ජේම්ස් බොන්ඩ් *ෆිල්ම් බලල තියෙන ඕන කෙනෙක් දන්නවනේ ජේම්ස් බොන්ඩ් අයිති රහස් ඔත්තු සේවය මොකක්ද කියලා. ඒ තමයි මහ*රැජිණගේ ඔත්තු සේවය හෙවත් එම්. අයි. 6 එක. හැබැයි ඇත්තටම මේ බ්*රිතාන්*ය රහස් ඔත්තු සේවය වගකියන්නේ විදේශ කටයුතු සහ පොදුරාජ්*ය මණ්ඩල කාර්යාලයට තමයි. ඇමරිකානු සී. අයි. ඒ. එක වගේම බ්*රිතාන්*යය වෙනුවෙන් බ්*රිතාන්*යයට බලපෑමක් වෙන්න පුලුවන් පුද්ගලයින්, සමාගම්, රටවල්, රාජ්*යයන් ගැන ඔත්තු බලන එම්. අයි. 6 එක ගැන මරු ආරංචියකුත් එක පාරක් එලියට ආවා. ඒ තමයි ජේම්ස් බොන්ඩ් *ෆිල්ම් වල තියෙනවා වගේ ඇත්තටම මේ ඒජන්සිය වෙනුවෙන් ගැජට් ඩිසයින් කරන Q කියලා ඩයල් එකක් ඉන්නවාය කියන එක. හැබැයි M කෙනෙක් නම් එම්. අයි. 6 එකේ නෑ. ඒ වෙනුවට ඉන්නේ C කෙනෙක්ලු. කොහොම වුනත් සී. අයි. ඒ එක වගේම විවිධ චෝදනා වලටත් ලක් වෙන එම්. අයි. 6 එක අදත් ලෝකේ රහස් ඔත්තු සේවා අතරේ ප්*රබල තැනක තියෙනවා.

    3. S. V. R. (Foreign Intelligence Service) රුසියාව

    රුසියාව කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ කේ. ජී. බී රහස් ඔත්තු සේවාව ගැනනේ. හැබැයි එකක් කේ. ජී. බී. එකක් දැන් නෑ. අනික රුසියාවට එල්ල වෙන්න පුලුවන් ත්*රස්ත ක්*රියා මැඩලන්න සහ රටින් පිට රුසියාවට බලපෑම් කරන්න පුලුවන් ඕනෑම කෙනෙක්, ඕනෑම දෙයක් ගැන ඔත්තු බලන්න විශේෂයෙන්ම පිහි*ටුවලා තියෙන්නේ එස්. වී. ආර්. එක. සමහර වෙලාවට ඒ අය වැඩියෙන්ම ඔත්තු බලන්නේ ඇමරිකාවේ වෙන්න පුලුවන්. අපි දන්නෙ නෑ ඉතින් ඒක. ඒත් අහන්න ලැබෙන විදියට සීතල යුද්ධය කාලේ ඉඳන්ම තමන්ගේ දැඩි ඔත්තු බැලීමේ ක්*රියාකාරකම් මේ අය සීමා කරලා නැහැලු.

    4. Mossad ඊශ්*රායලය

    මොසාඩ් කියන්නේ ලෝකේ තියෙන ප්*රබලතම වගේම නවත්වන්න බැරි රහස් ඔත්තු සේවයක් කියන එක ඔවුන් නැවත නැවතත් ඔප්පු කරලා තියෙනවා. ඉස්ලාමීය අන්තවාදී ත්*රස්ත කල්ලි වල ක්*රියාකාරකම් එක්ක සටන් කිරීමේ විශේෂඥයන් වුණු මොසාඩ් එක ඊශ්*රායලයේ සතුරන්ට කිසිම මොහොතක සමාවක් දීලා නම් නැහැ. විශේෂයෙන්ම නාසි නායකයෙක් වුණු ඇඩොල්ෆ් අයික්මාන් ආජන්ටිනාවෙන් 1960 දී පැහැරගෙන ඒම, 1972 මියුනිච් ඔලිම්පික් උළෙලේදී ඊශ්*රායල ක්*රීඩක කණ්ඩායම ඝාතනයට වගකියන්න ඕන හැම කෙනෙක්වම අවුරුදු විස්සක් ඇතුළත ලුහුබැඳ ගිහින් මරා දැමීම වගේම 84 දී ඉතියෝපියානු යුදෙව්වන් දහස් ගණන් රහසේ රටට ගුවන් මගින් අරගෙන ඒම වගේ දේවල් මොසාඩ් එකත් එක්ක ඇහෙන කතාන්තර. මේ වෙනකොට මොසාඩ් රහස් ඔත්තු සේවය වඩාත් පැහැදිලි සහ පාරදෘශ්*ය බවකින් වැඩ කරනවා කියලා පෙනුනත්, තවමත් ක්*රාව් මගා ප්*රහාරයක් වගේම මොසාඩ් එකේ වැඩ කිඩ තාක්ෂණීයයි, එල්ලය නිවැරදියි වගේම බිහිසුණුයි.

    5. I. S. I. (Inter-Services Intelligence) පාකිස්තානය

    පකිස්තානයේ විදේශ රහස් ඔත්තු සේවයට තියෙන්න පුලුවන් අරමුණ මොකක්ද? සරලයි. ඉන්දියාවට කෙලවා දැමීම. මෙන්න මේ කාරණාව ඉෂ්ට සිද්ධ කරගන්න පකිස්තාන් අයි. එස්. අයි රහස් ඔත්තු සේවය කැපවෙලා ඉන්නේ. හැබැයි මේ වෙනකොට ලෝකේ තවත් ප්*රබලතම රහස් ඔත්තු සේවයක් විදියට මේ රහස් ඔත්තු සේවය වර්ධනය වෙලා තියෙනවා. උදාහරණයක් විදියට කිව්වොත්, පකිස්තානයේ දේශපාලනය පි*ටුපස්සේ බොහොම ප්*රබලව ඉන්න අයි. එස්. අයි එක තමයි පකිස්තානයේ මිලිටරි එක විරුද්ධ පාක්ෂිකයින්ගෙන් *රැකගන්නත් ලොකු වැඩ කොටසක් කරන්නේ. එතකොට පකිස්තානය තුළ ඉන්න ඉස්ලාම් අන්තවාදීන්ට විරුද්ධව වැඩ කරනවා කියලා අයි. එස්. අයි එක කිව්වත් ගොඩක් දෙනෙක් චෝදනා කරනවා ඇත්තටම පකිස්තාන් රහස් ඔත්තු සේවය දෙපැත්තටම උදවු කරනවා කියලත්. මේ කොහොම වුනත් ඉන්දියාව ඇතුළේ ඉන්න පන්ජාබ් සීක් බෙදුම්වාදීන්ට සහාය ලබාදීම ඇතුළුව ඉන්දියාව ඇතුලේ වෙන ත්*රස්තවාදී ක්*රියා බොහෝමයකට අයි. එස්. අයි එක වක්*රාකාරව හරි වග කියන්න ඕන කියන එක නම් බොරුවක් නෙවෙයි.

    6. M. S. S. (Ministry of State Security) චීනය

    චීන රහස් ඔත්තු සේවා ගැන තියෙන පොදු මතයක් තමයි, ඇමරිකාව රුසියාව විතරක් නෙවෙයි, අනික් හැම ලෝක බලවතෙකුගේම නහය යට චීන ඔත්තුකාරයෝ රඳවලා තියෙනවා කියන එක. විශේෂයෙන්ම ඇමරිකාවේ චීනය තමන්ගේ රහස් ඔත්තු බැලීමේ කටයුතු බොහොම දරුණුවට ක්*රියාත්මක කරනවා කියලා අපි හිතනවා. ඒකට හේතුව මීලඟ ලෝක දැවැන්තයා වෙන චීනයට ඇමරිකාවේ තියෙනා හමුදා තාක්ෂණයන් සහ අධි තාක්ෂණික කාර්මික රහස් වුවමනා වීම වෙන්න පුලුවන්. අනික් විශේෂ කාරණාව තමයි ලෝකේ අනික් රහස් ඔත්තු සේවා ඔත්තු බලනකොට, චීන රහස් ඔත්තු සේවාවන් දත්ත එකතු කිරීම සහ විශ්ලේෂණය කිරීමට වැඩි බරක් ලබාදීම. කොහොම වුනත් දැන් වැඩිපුර හොලිවුඩ් *ෆිල්ම්, ටෙලි සීරීස් වල එහෙම පෙන්නන විදියට ශිෂ්*යයන්, ව්*යාපාරිකයන් වගේ ඇමරිකාවට එන දහස් ගණන් චීන ජාතිකයන්ගෙන් ඔත්තුකාරයෝ කවුද නැත්තේ කවුද කියලා අඳුනගන්න එක මාරම අමාරු වැඩක්.

    7. R. A. W. (Research and Analysis Wing) ඉන්දියාව

    ඉන්දියාවේ රෝ රහස් ඔත්තු සේවාව ගැන ලංකාවේ අපිට සෑහෙන්න අහන්න ලැබෙනවනේ. වෙන එකක් තියා හිටපු ජනපති මහින්ද රාජපක්ෂත් එක පාරක් කියා හිටියා තමන්ව පරාජය කරන්න ඉන්දියාවේ රෝ ඔත්තු සේවයෙනුත් වැඩ කොටසක් සිද්ධ වුනා කියලා. කොහොම කළත් රෝ එක අල්ලපු රටේ වැඩකටයුතු ගැන අවධානයෙන් ඉන්නවා කියන එක පුදුමයක් නෙවෙයිනේ. රෝ එක පිහිටවෙන්නේ ඇත්තටම පකිස්තානයත් එක්ක ප්*රශ්න ඇතිවුනාට පස්සේ, ඉන්දියාව ඇතුලේ ඉන්න පකිස්තානයට සහාය ලබාදෙන ආයුධ සන්නද්ධ කණ්ඩායම් වලට එරෙහිව ක්*රියාත්මක වෙන්න තමයි. හැබැයි කාලය ගතවීමත් එක්ක රෝ ඔත්තු සේවාව ලෝකේ තියෙන විශිෂ්ටතම ඔත්තු සේවාවක් විදියට වර්ධනය වෙනවා විතරක් නෙවෙයි, පකිස්තානය ඇතුළේ වගේම බංග්ලාදේශය, ශ්*රී ලංකාව, නේපාලය වගේ කලාපයේ වෙනත් රටවලත් මහා පරිමාණයෙන් ක්*රියාත්මක වෙන්න පටන් ගන්නවා. උදාහරණයක් විදියට ගත්තොත් බංග්ලාදේශය පකිස්තානයෙන් නිදහස ලබාගන්න දියත් කරපු ව්*යාපාරය පිටිපස්සේ රෝ එක ඉන්නවා කියලා තමයි කියන්නේ. විශේෂයෙන්ම රෝ එකට චෝදනා එල්ල වෙනවා අනික් රටවලට විරුද්ධ සන්නද්ධ කල්ලි වලට හොරෙන්ම සහාය ලබාදෙනවා කියන එක ගැන.

    8. D. G. S. E. (Directorate-General for External Security) ප්*රංසය

    ප්*රංසයෙන් පිටත බුද්ධි අංශ කටයුතු සහ ප්*රති-බුද්ධි මෙහෙයුම් වලට වගකියන ඒජන්සිය තමයි ඩී. ජී. එස්. ඊ කියන්නේ. හැබැයි මේ ඒජන්සිය ප්*රංසයේ පිහි*ටුවලාත් ඒ තරම් කාලයක් නැහැයි කියන එක කියන්න ඕන. මේ අයගේ ප්*රධානතම වැඩ කටයුතු වෙන්නේ ප්*රංසයෙන් පිට ඕනෑම රටක්, ඕනෑම කෙනෙක්, ඕනෑම සමාගමක් ප්*රංසයේ හමුදාමය හරි දේශපාලනමය හරි ප්*රතිපත්ති වලට බලපෑමක් සිද්ධ කරනවා නම්, ඒ ගැන තොරතුරු එකතු කිරීම. කොහොමත් පන්දාහකට අධික සේවක ප්*රමාණයක් ඉන්න මේ ප්*රංස විදෙස් ඔත්තු සේවාවට ලොකු බජට් එකක් එහෙමත් වෙන් වෙනවා කියලා කියනවා.

    9. B. N. D. (Bundesnachrichtendienst) ජර්මනිය

    ජර්මානු චාන්සලර්වරයාගේ කාර්යාලය යටතේ තියෙන බී. එන්. ඩී එක තමයි ජර්මනියේ විදෙස් බුද්ධි අංශය විදියට වැඩ කරන්නේ. මේ ඒජන්සිය ගැන කතා කරන කෙනෙක් මුලින්ම කියන දේ තමයි මේ අයගේ තියෙන ටෙක්නොලොජි දියුණුව. විශේෂයෙන්ම ජර්මානු රජයට විදේශයන්ගෙන් එල්ල වෙන තර්ජනයන් ගැන කලින්ම ජර්මානු ආණ්ඩුව දැනුවත් කරන්න තියෙන අනතුරු හැඟවීමේ සිස්ටම් එකක් විදියට වැඩ කරන බී. එන්. ඩී එක ජාත්*යන්තර ත්*රස්තවාදය, සංහාරක අවි, නීතිවිරෝධී තාක්ෂණයන් හුවමාරුව, සංවිධානාත්මක අපරාධ, ආයුධ සහ මත්ද්*රව්*ය ප්*රවාහනය, මුදල් විශුද්ධීකරණය විතරක් නෙවෙයි, නීතිවිරෝධී සංක්*රමණය ගැනත් ඇහැ ගහගෙන ඉන්නේ.

  2. #2
    Super Moderator
    Join Date
    May 2017
    Posts
    13

  3. #3

  4. #4
    Super Moderator
    Join Date
    Aug 2017
    Posts
    19
    You must spread some Reputation around before giving it to සිරිපාල මාමා again.

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts
  •