Results 1 to 5 of 5

Thread: දත් මැදිමේ නිවැරදි ක්*රමවේදය

  1. #1
    Junior Member
    Join Date
    Aug 2017
    Posts
    14

    දත් මැදිමේ නිවැරදි ක්*රමවේදය


    දත් මැදිමේ නිවැරදි තාක්ෂණික ක්*රමවේදය.





    පිවිසුම.......

    දත් දිරායමෙටත්, පරිදන්ත රෝගය වැළදීමටත් මූලික හේතුවලින් එකක් වන්නේ දත් නියම ලෙස පිරිසිදු ව පවත්වා නොගැනීම නිසා බව මම කළින් පළ කළ

    ඇයි මගේ දත් නරක්වෙන්නේ....????? සහ * මෙන්න දත් මුල දියවෙනෝ.....!!!!

    යන ත්*රෙඩ්වල දක්වා තිබුණා ඔබට මතක ඇති......ඉතින් කොහොමද දත් ටික හරියට මදින්නේ......???? මොන්ටිසෝරි නැත්නම් බාලාංශ පංති මාතෘකාවක් වගේ පෙනුනට හරි විදියට දත් මදිනවා නම් දත් වල ප්*රශ්නත් සෑහෙන්න අඩු කරගන්න පුළුවනි. මේ ත්*රෙඩ් එකේ ඉලක්කය දත් මැදීම සදහා ලෝක දන්ත වෛද්*ය සමුළුව අවසානයට නිකුත් කරන ක්*රමවේදය ඔබට හදුන්වා දීමත්, යහපත් දන්ත සෞඛ්*යයක් පවත්වා ගැනීමට අවශ්*ය කරන මූලික ම කරුනු ඔබ වෙත මතක් කරදීමත්, සුදුසුකම් ලද දන්ත වෛද්*යවරයෙකු හදුනා ගන්නා ආකාරය පිළිබද ඔබ දැණුම්වත් කිරීමත්.....!!!

    දත් මැදීමේ මූලික ඉලක්ක 3ක් පවතිනවා...

    1. මුඛයේ අයහපත් ශුද්*ර ජීවින් සහ එවුන් ගේ අපද්*රව්*ය ඉවත් කිරීම
    2. මුඛයේ පවතින ආහාර කැබලි ඉවත් කිරීම
    3. මුඛය නැවුම් ව පවත්වා ගැනීම

    මෙම ඉලක්ක සපුරා ගැනීමට නිවැරදිව දත් මදින ක්*රමවේදයයි මේ....විස්තර කිරීමේ පහසුව තකා මම මේ ක්*රමවේද කිරි දත් මැදිම සහ ස්ථිර දත් මැදිම කියා කොටස් දෙකකට බෙදන්නම්....!!

    කිරි දත් මැදීම

    දරුවකුට සාමාන්*යයෙන් වයස අවු. 1 1/2 - 2 වන විට පූර්ණ කිරි දත් ප්*රමාණය වන කිරි දත් 20ක් මතුවී පවතී. පළමු කිරි දත් මතු වූ අවස්ථාවේ පටන් දත් මැදිම ඉතා වැදගත් වන අතර ඉතා බිළිදු අවදියේ දී ඒ සදහා තෙමූ මෘදු රෙදි කඩක් භාවිතා කළ හැක. නමුත් දරැවාට වසර 1ක් වූ පසු දත් බුරුසුවක් භාවිතා කිරීම වඩා හොදය.....
    දරුවන් ගේ දත් මැදීම දසහා කුඩා දරුවන්ට විශේෂිත ව නිමැවූ බුරුසුවක් භාවිතා කිරිම වඩා හොදය. දරුවන්ට ම නිපදවා ඇති දන්තාලේප වල ෆ්ලෝරයිඩ් ප්*රමානය අඩු කොට නිපදවා ඇත්තේ ඔවුන් දන්තාලේප ගිලිම මගින් අධික ෆ්ලෝරයිඩ් පුමාණයක් ශරීර ගත වීම වැළැක්වීම සදහාය. නමුත් සැම විටම දරුවන් ගේ දත් මැදිම සදහා මුං ඇටයක පුමානයක් දන්තාලේප භාවිතා කරන්න.


    දැන්වීම් වල පෙන්වන ආකාරයට මුළු බුරුසු හිස ප්*රමාණයට ම දන්තාලේප ගැනීමෙන් වළකින්න.....!! කිරි දත් 20ක් පවතින අවස්ථාවේ දත් මැදීම සදහා විනාඩි 5-7 අතර කාලයක් මිඩංගු කළ යුතු වේ.....එසේම දරුවාට වයස අවු. 7ක් පමන වන තෙක් වත් වැඩිහිටියෙකු විසින් දත් මැදීම කළ යුතුය.

    කිරි දත් මදින ආකාරය

    එක් දත් ඇන්දත එක් අන්තයක සිට දත් මැදීම අරඹන්න. බුරුසුව රවුම් මාර්ගයක මෙහෙයවන්න. මෙසේ මෙහෙයවමින් ඉදිරියට හෝ පිටුපසට ගෙන යන විට එය ළගින් එතී ගිය සර්පිල මාර්ගයක් බව ඔබට වැටහෙනු ඇත.


    ක්*රමාණුකූල ලෙස දත් මදින්න. පළමුව උඩු ඇන්ද සහ දෙවනුව යටි ඇන්ද ලෙස.....එක් ඇන්දක පළමුව කම්මුල පැත්ත (රතු ඉරෙන් දක්වා ඇත), දෙවනුව ඇතුළු පැත්ත (නිල් ඉරෙන් දක්වා ඇත) සහ අවසාන ලෙස දත් මතුපිට (කොළ ඉරෙන් දක්වා ඇත). මෙමගින් දත් නොමැදී "මිස් වීම" වළකී. දිනතට අවම ලෙස දෙවරක් දත් මැදීම වඩා හොදය.


    ස්ථිර දත් පිරිසිදු කිරීම

    අවුරුදු 5 1/2 - 6 අතර කාලයේ දී ප්*රථම ස්ථිර දත් මතු වන අතර, අවුරුදු 18 - 21 අතර කාලයේ දී දත් 32 ක සහිත ස්ථිර දත් ප්*රමාණයක් මුව තුල පිහිටයි. ස්ථිර දත් දිනකට දෙවරක් අවම ලෙස ෆ්ලෝරයිඩ් අඩංගු දන්තාලේපයක් සහිතව විනාඩි 10 - 12 අතර කාලයක් මැදීම කළ යුතු වන්නේ පහත ක්*රමවේදයට අනුවය.

    1. බුරුසුව දත් මතු පිටට අංශක 45 ආනත ව සිටින ලෙස හරවන්න. උඩු ඇන්දේ දත් දසහා උඩු පැත්තට ද. යටි ඇන්දේ දත් මැදිමේ දී යටි පැත්තට ද බුරුසුව හැරවීම කළ යුතුය.


    දත් මැදීමේ දී බුරුසුව කෙටි සෘජු ගමන් මාර්ගයක හසුරුවන්න. එක් වතාවකට දත් 2ක් පමන මැදෙන ලෙස එක් ස්ථානයක් තත්පර 10ක් පමන වේලා මැදිය යුතුය. බුරුසුව දත් වෙත් තද කිරීම නොකල යුතු අතර එල්ල කළ යුතු බර ආසන්නව ග්*රෑම් 20කි (නිවුටන් 2ක බලයක්)


    ක්*රමාණුකූල ලෙස දත් මදින්න. පළමුව උඩු ඇන්ද සහ දෙවනුව යටි ඇන්ද ලෙස.....එක් ඇන්දක පළමුව කම්මුල පැත්ත (රතු ඉරෙන් දක්වා ඇත), දෙවනුව ඇතුළු පැත්ත (නිල් ඉරෙන් දක්වා ඇත) සහ අවසාන ලෙස දත් මතුපිට (කොළ ඉරෙන් දක්වා ඇත). මෙමගින් දත් නොමැදී "මිස් වීම" වළකී. දිනතට අවම ලෙස දෙවරක් දත් මැදීම වඩා හොදය. නමුත් ඉතා හොදින් ෆ්ලොරයිඩ් සහිත දන්තාලේපයක් භාවිතා කොට දත් මදින්නේ නම් ඔබට පැය 48 වරක් දත් මැදීමෙන් කිසිදු ප්*රශ්නයක් මතුවන්නේ නැත.



    මතක තබා ගන්න හොදින් දත් මැදීම ප්*රශ්න ගනනාවක් මග හරවන බව......!!!! එය ඔබේ කාලය, දන්ත සෞඛ්*යය සහ මුදල් ඉතිරි කරන බව.....!!!!!!!

    යහපත් දන්ත සෞඛ්*යයක් සදහා පිළිපැදිය යුතු මූලික කරුණු 4ක්.....

    1. දිනකට අවම ලෙස දෙවතාවක් ඉහත දක්වා ඇති පරිදි දත් පිරිසිදු කරන්න.

    2. යටත් පිරිසෙයින් වසරකට වරක් වත් දන්ත වෛද්*යවරයෙකු ලවා ඔබේ මුඛ සෞඛ්*යය තත්ත්වය පරීක්ෂා කරවා ගන්න.

    3. දන්ත වෛද්*යවරයෙකු යම් ප්*රතිකාරයක් කල යුතු තත්ත්වයක් ඔබේ මුව තුල පවතින බවට ඔබට දැන්වුව හොත් කල් නොයවා එම පුතිකාර සිදු කරගන්න. නැතහොත් එම තත්ත්ව වැඩි වර්ධනය වී බැරූරුම් අවස්ථා එළබිය හැකි අතර, නිවැරදි කිරීම සදහා වන පුතිකාර සදහා අධික වියදමක් දැරීමට ඔබට සිදුවනු ඇත.

    4. සුදුසු කම් සපිරූ දන්ත වෛද්*යවරයෙකු වෙත ඔබේ පුතිකාර සදහා යන්න. සුදුසු කම් සපිරූ දන්ත වෛද්*යවරයෙකු වෙත පහත සදහන් දේ තිබිය යුතුය.

    අ. පිලිගත් ආයතනයකින් නිකුත් කල දන්ත වෛද්*ය උපාධියක්


    ආ. ශ්*රී ලංකා වෛද්*ය සභාව විසින් නිකුත් කරනු ලබන ලියාපදිංචි සහතිකය

    ----මෙම අ. සහ ආ. දෙක රෝගීන් හට පහසුවෙන් දැක ගත හැකි වන ලෙස පුදර්ශනය කළ යුතු බව ශ්*රී ලංකා වෛද්*ය සභාවේ නියමයයි----

    ඇ. සායනය පිළිබද ව දක්වා ඇති පුවරු ආදිය වෙතොත් වෛද්*යවරයා ගේ සුදුසුකම් සහ ශ්*රී ලංකා වෛද්*ය සභාවේ ලියාපදිංචි අංකය සදහන් කිරීම අනිවාර්යය වේ.




    එබදු විස්තර රහිත මෙවන් ස්ථාන වලට දන්ත වෛද්*ය පුතිකාර සදහා යාමෙන් වළකින්න....!!!!

    ඔබේ අදහස් අදහස් පළ කර යන්න අමතක කරන්න එපා......එය නම් මට ඉතා වැදගත්, ඉදිරියට පල කරන ත්*රෙඩ් සදහා.....!!

    නිදුක් නීරෝගීමත් දිවියක් ලැබේවා......!!!!!!!!
    Last edited by dath kimbula; 08-25-2017 at 09:56 PM.

  2. #2
    එල thread එක.

    අපේ පැත්තෙ පොරක් ඉන්නවා දත් මදින්නෙ නෑ හම්මෝ කට අැරියම නහය කඩන් යනවා

  3. #3
    Junior Member
    Join Date
    Aug 2017
    Posts
    14
    අල්ලලා මද්දවපන්.. සමාජ සේවය..
    Quote Originally Posted by සිරිපාල මාමා View Post
    එල thread එක.

    අපේ පැත්තෙ පොරක් ඉන්නවා දත් මදින්නෙ නෑ හම්මෝ කට අැරියම නහය කඩන් යනවා

  4. #4
    Quote Originally Posted by dath kimbula View Post
    අල්ලලා මද්දවපන්.. සමාජ සේවය..
    ඔව් බන්....

  5. #5
    Super Moderator
    Join Date
    Aug 2017
    Posts
    19
    දත් කිඹුලෙක්

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts
  •