Results 1 to 5 of 5

Thread: ජෙල් වලට විකල්පය....!!!!!

  1. #1
    Junior Member
    Join Date
    Aug 2017
    Posts
    14

    ජෙල් වලට විකල්පය....!!!!!



    ජෙල් වලට මෙන්න විකල්පය.......මමත් ජෙල් ගාලා නාගෙන තියෙනවා හොදට. නමුත් මට විකල්පයක් ලැබුණා. එළකිරියො සියළු දෙනා ගේ දැන ගැනීම පිණිස මම මේ දේ ගැන කියන්නම්.

    මේක ගෙඩි ජාතියක්. පෙනෙල ගෙඩි කියල කියන්නේ. (වැල් පෙනෙල නෙවෙයි රජෝ..!!!!) රත්තරං බඩු හදන අය මේක විශාල වශයෙන් භාවිතා කරනවා රත්තරං බඩු සුද්ද කරන්න, මොකද මේකෙ සබන් ගතියක් තියෙන නිසා. මේක රට ඉදි ගෙඩියක් වගේ එකක්. ඇතුලේ ලොකු ඇටයක් තියනවා. මේ ඇටය ඉවත් කරලා පිට පොත්ත ටිකක් වෙලා වතුරෙ දාලා තියලා අත් දෙක අතර තියල පොඩ්ඩක් රෝල් කලාම සබන්* පෙන වගේ දෙයක් ඇති වෙනවා. මේකයි කොණ්ඩෙ ගාන්න තියෙන "ජෙල්" එක. මේක ගාලා වේලුණාම නැතිනම් ඩ්*රයර් එකක් දාලා වේලුවාම හිස කෙස් ආයේ හෙල වෙන්නෙවත් නැතුව තියනවා. ටිකක් වැඩියෙන් දැම්මොත් කොණ්ඩෙ හෙල්මට් එකක් දැම්ම වගේ වෙනවා. ඒ තරම් සවි වෙනවා. (ගාලා ඒසී එකේ හිටියා ම හරි...!!) නෑවාම සේදිලා යනවා., කොණ්ඩෙට බැදෙන දූවිලි වගේ දේවලුත් එක්කම. හිසත් සෑහෙන්න සිසිල් වෙනවා. මේක කියල දුන්නේ මම පේරාදෙණියෙ ඉන්න දවස් වල කෙරමිණිය ආයුර්වේද විදුහලේ ආයුර්වේදය ඉගෙන ගත්ත නේපාලයේ සුමන හාමුදුරැවෝ. මේ *ශාකය හිස කෙස් සදහා වැළදෙන රෝග ගණනාවකට ප්*රතිකාර විදියට භාවිතා කරන බව තමයි උන් වහන්සේ වදාලේ.

    ම*ම දැනට අවුරුදු 12ක් වෙලේ ඉදන් හිසේ ගාන්නේ මේක. මගේ කොණ්ඩෙට තියන එකම ලෙඩේ ඉක්මණින් වැඩෙන එක මේක ගාද්දී. මගේ කොණ්ඩෙ එක ගහක් තාම සුදුවෙලා නැහැ...විශ්වාස කරයිද මන්දා...!!!

    මේක සිංහල බෙහෙත් බඩු කඩවලින් ගන්න පුළුවන්. හැබැයි රටඉදි වගේ පෙණුම තියන හොදට මෝරපු ඒවා ගන්න. ග්*රෑම් 500ක් 100/= නිතර වෙන්නේ .ලාබයි අත උඩින්. ග්*රෑම් 500 ක් ගත්තාම මාස 6-8ක් ගාන්නත් පුළුවන්, මොකද එක ගෙඩියක් එකවරකට වඩා පාවිච්චි කරන්න පුළුවන් නිසා. බය නැතුව ගාන්න. අත් දුටුවයි, ප්*රත්*යක්ෂයි කියන්න පුළුවනි........!!!

    ගාලා ප්*රතිඵල මේකෙම දාන්න.....!!!අනිත් අයටත් දැන ගන්න....!!!!!!!!!
    Last edited by dath kimbula; 08-25-2017 at 09:25 PM.

  2. #2

  3. #3
    Junior Member
    Join Date
    Aug 2017
    Posts
    14
    තැන්ක්ස් බ්*රො.. කවුද දන්නෙ නැ මේකේ ඇඩ්මින්. කවුරු උනත් කමක් නැ. සයිට් එක ප්*රමොට් කරලා ගමු..
    Quote Originally Posted by සිරිපාල මාමා View Post
    good thread machan

  4. #4
    Quote Originally Posted by dath kimbula View Post
    තැන්ක්ස් බ්*රො.. කවුද දන්නෙ නැ මේකේ ඇඩ්මින්. කවුරු උනත් කමක් නැ. සයිට් එක ප්*රමොට් කරලා ගමු..
    ඔව් බන් මේ ෆෝරම් එක මරු

  5. #5
    Super Moderator
    Join Date
    Aug 2017
    Posts
    19
    එළකිරි මචන්.
    ෆෝරම් එකේ තව පොඩි පොඩි අඩු පාඩු ටිකක් තියෙනවා.
    ඒ ටික හදාගෙන යන ගමන් ඉන්නේ,
    උඹලාට තව අඩු පාඩු සෙට් උනොත් කියන්න අපිට.

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts
  •