Results 1 to 3 of 3

Thread: හිරු එළියෙන් නොමිලේ උණු වතුර

  1. #1
    Junior Member
    Join Date
    Aug 2017
    Posts
    14

    හිරු එළියෙන් නොමිලේ උණු වතුර

    ඔන්න අද මම කියලදෙන්න යන්නේ මම කරපු නිර්මාණයක් කොහොමද කරේ කියල.

    මට වැඩිය අකුරු කෙටීමේ හැකියාවක් නැති නිසා පින්තුර වලින්ම දාන්නම්.

    ගේ පොඩ්ඩක් හදාගෙන නුවර පදිංචියට ගියාට පස්සේ ලොකුම කරදරේ තමයි උදේට සීතල වතුර නන එක. නොවම්බෙර් දෙසම්බෙර් කාලේදී දවල්ටවත් නාන්න අමාරුයි. electric water geyser එකක් ගත්තත් මාසේ අන්තිමට එන ලයිට් බිල දැක්කහම පිච්චිලා මැරෙනවා. සොලර් හොට් වෝටර් සිස්ටම් වල මිල අහුවහමත් එහෙමයි.

    ඉතින් මම හිතුවා අඩු මිලට සොලර් හොට් වෝටර් සිස්ටම් එකක් හදාගන්න.

    මේක මමම (සංජය 1975) හදපු එකක්. කොහෙන්වත් උස්සපු එකක් නෙවෙයි. හැබැයි පහල ලින්ක් එකේ ඇති වෙබ් සයිට් එකෙන් idea එකක් ගත්ත.

    http://www.iwilltry.org/b/projects/b...-water-heater/

    ඉතින් ඉස්සෙල්ලම ටැංකිය හදාගමු.

    මම ගත්තේ කඩුවෙල කෑන් කඩෙන් කෑන් දෙකක්. එකක මිල රු. 150/=.

    ඒ අඩි කපලා සිලිකන් ගම් එකෙන් අලවගත්තා.



    දෙපැත්තට උණු වතුර බට හයි කරගන්න එස්ලෝන් උණුවතුර ෆිටින්ග්ස් හයිකරගත්තා. (එස්ලෝන් ගාන ගොඩක් අඩුයි.)



    ඊට පස්සේ පහල තියෙන විදියට ටැංකිය ඉන්සුලේට් කරගත්තා. (රිගිෆෝම් සහ ෆොයිල්)





    ටැංකියේ වටේ කවරේ දැම්මේ සින්ක් කොටෙඩ් ෂීට් එකකින්. දෙපැත්ත කවර දැම්මේ පොටි බාල්දි පියන් දෙකකින්.



    ඔක්කොම වෝටර් සීල් කරේ සිලිකන් ගම් වලින්.

    දැන් පැනල් එක හදපු විදිය බලමු....

    එකට ගත්තේ 4mm පොලිකාබනෙට් ෂීට් එකක්. කැතට තියෙන්නේ පරණ එකක් නිසා. (මගේ යාලුවෙක් දුන්නේ.)

    එස්ලෝන් උණුවතුර බට අරගෙන ග්*රයින්දරයට කටින් වීල් එකක් දල ෂීට් එක බස්සගන්න පුළුවන් විදියට ග්රූ එකක් කැපුවා . ඒ වගේ දෙකක් හදාගෙන රුපයේ විදියට දෙපැත්තෙන් බස්සගෙන සිලිකොන් වලින් අලවගත්ත.







    එකත් පහල තියෙන විදියට එක පැත්තක් විතරක් ඉන්සුලේට් කරා.





    අන්තිමට මේ පහල තියෙන විදියට ස්ටෑන්ඩ් එකක් හදල සෙට් කරගත්ත. ඇල වහලයක් ස්ටෑන්ඩ් එකක් ඕනේ නැහැ. පැනල් එක මැට් බ්ලැක් කරන්න Toa ස්ප්*රේ කරා. එක පාවිච්චි කරපු එකක් නිසා වැඩේ ඉවරකරන්න බැරි උනා......





    ඔයාලගේ comments බලාපොරොත්තු වෙනවා..... හදන්න උදව් ඕනෙනම්, ගැටළු තියෙනවනම් reply කරන්න.

    ගොඩක් අය මේකේ සිද්දන්තය අහන නිසා එකත් මම කියල දෙන්නම්

    රත් වූ වාතය ඉහල නගී කියන සංසිද්දිය උඹල අහල තියෙනවද? ඕනෙම මද්*යයක් රත්වූ විට එම රත්වූ කොටස එම මද්*යය තුල ඉහල නගිනවා. ඒ සංසිද්දිය තමයි මේකට පාවිච්චි කරලා තියෙන්නේ.







    පොලිකර්බනෙට් ෂීට් එකේ ඇතුලේ සිහින් බට වගේ පීලි තියෙනවා. එතුල ඇති වතුර ෂීට් එකට ලැබෙන හිරුඑලියෙන් රත් වෙනවා. එක තියල තියෙන ඇන්ගල් එකෙන් රත්වෙච්ච වතුර ඉහලට ගමන් කරනවා. වතුර ටැංකියේ ඉහල කොටසට ගමන්කරන අතර ටැංකියේ පහල කොටසේ ඇති ජලය පොල්කර්බනෙට් පැනලයේ පහල කොටසට ගමන් කරනවා. ඔය සිද්දිය දිගටම වෙනවා. එකෙන් තමයි වතුර රත්වෙන්නේ. මගේ සිස්ටෙම් එකේ සාමාන්*යයෙන් 60C - 75C විතර රත්වෙනවා.

  2. #2

  3. #3
    Super Moderator
    Join Date
    Aug 2017
    Posts
    19
    TFS Bro

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts
  •